නිවස අසල තිබූ වතුර වලකට වැටීමෙන් අවුරුද්දකුත් මාස හතරක් වයසැති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය සූරියගොල්ල වැවතැන්න ගම්මානයේ පදිංචි බවයි මඩොල්සිම පොලිසිය පවසන්නේ.
දියණියගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවෙකුට කුඩා දියණිය බලා ගන්නට බාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ගොස් ඇති අවස්ථවේ එම අනතුර සිදුව තිබුණා..
දරුවා බලා ගත් කුඩා දරුවා සිඟිත්තා ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව බිළිඳිය රෝබේරිය ප්රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.