Tue. Jun 24th, 2025

රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Aug23,2024

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පවසනවා

මෙතෙක් යාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බවත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රූබසිංහ මහතා කියා සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *