මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් සමාජයම දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරයට සමගාමිව මෙන්ම තැනැත්තන් වෙළදාම තුරන් කිරිමේ ජාත්‍යන්තර දිනය මුල් කර ගනිමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.