තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා .
මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ අද (05) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියා .
කෙතරම් කාර්ය බහුල වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළා .
එහිදි සුහුරු පන්තිකාමරයක් ලබා දෙන ලෙසත්, ක්‍රීඩාංගණය නවීකරණය කර දෙන ලෙසත් සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමටයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ .
විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්රයේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වුණා .
පාසලේ අධ්‍යාපන කටයුතු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ක්‍රීඩා මෙන්ම සිසුන්ගේ විෂයභාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා .
මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ආර්.එස්. වීරසේකර මහතා සහ ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා .