Sat. Jun 28th, 2025

මාළු පෙට්ටියේ කේරළ ගංජා

Aug22,2024

මුලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මාළු වෙළඳාමේ නිරත අයෙක් බවත් අනෙක් පුද්ගලයා ලොරියේ රියදුරු බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝ 10 ගෑම් 500 ක් , ගංජා ප්‍රවාහනයට යොදා ගන්නා ලද අධිශීතකරණ සහිත ලොරිය, ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මූලතිව් සහ මන්නාරමෙන් ප්‍රවාහනය කරන ලද මාළු පෑලියගොඩට ගොඩ බෑමෙන් අනතුරුව රැගෙන එන ලද ගංජා මත්ද්‍රව්‍ය මෝදර ප්‍රදේශයට මේ ආකාරයෙන් රැගෙන එන බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *