නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර, පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කිරීමට ඊයේ (18) දින නාවික හමුදාව කටයුතු කළා.
ඒ අනුව, අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ගං වතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කෙරුණා.
තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් සුදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා.