Sat. Jun 28th, 2025

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

Aug2,2024

සුපෝගභෝගි බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් බස් රථයේ රියදුරා ඇතුළු බස් රථයේ ගමන් ගත් මගීන් පස්දෙනෙකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර අද (02) උදැසන 8.00ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු සුපෝගභෝගි බස් රථය ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග ලිස්සාගොස් කොළඹ සිට අඹේවේල රජයේ සත්ව ගොවිපොල දක්වා සත්ව ආහාර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් සුපෝගභෝගි බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවත්, රෝහල් ගත කළ තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පවසන්නේ.

පවතින වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස ලිදුල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *