Sat. Jun 28th, 2025

පෙම්වතා සමඟ ගිය තරුණියගේ සිරුර පාළු ළිඳකින් හමුවෙයි – පෙම්වතා අතුරුදහන්

Jul5,2024

තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ අද (05) මුතූර් පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී (25) නැමැති තරුණියයි .

ඉකුත් ජූනි 13 දා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගිය දියණිය ජූලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කළ බවත් ඉන් පසුව කතා නොකළ නිසා දියණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම් සසිකලා නැමැත්තිය සේරැ නුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.යූ.කේ. සෝමනුවර මහතා මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩ ගනු ලබනවා

මරා දැමූ තරුණියගේ පෙම්වතා යයි කියන තැනැත්තා කිළිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවද සඳහන්.

මළ සිරුර සමඟ ගොඩගත් තරුණිගේ යැයි සැක කරන ගමන් මල්ලක තිබී භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කර තිබෙනවා

සිද්ධිය සම්බන්ධය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *