Fri. Jun 27th, 2025

දින 15 ක් අතුරුදහන්ව සිටි සිව් දරු පියාගේ මළ සිරුර හමුවෙයි

Jun24,2024

දින පහලොවක සිට ආගිය අතක් නොමැතිව සිටි සිව්දරු පියෙකු ගේ මළසිරුරක් නාගොඩ වෙල්‍ යායක තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, හැළඹ , ප්‍රදේශයේ පදිංචිව සිටි පී.එච්. සිරිසේන නමැති 82 හැවිරිදි සිව්දරු පියෙක්.

මියගොස් ඇති පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් මෘත දේහය හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇති තැනැත්තා පසුගිය 8 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් එදින සිට ආගිය අතක් නොමැතිව සිට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *