Sat. Jun 28th, 2025

ජනාධිපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් හමුවෙයි

Aug27,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමාඤ්ඤ නිකායේ මහා නායක අග්‍රමහා පණ්ඩිත අති පූජ්‍ය මකුළෑවේ විමල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තා.

නාරහේන්පිට පිහිටි රාමාඤ්ඤ නිකායේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නිකායේ මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පලකළා.

මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සමග කෙටි පිළිසදරකට එක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ප්‍රකෘතිමත් භාවය පිළිබද මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද උන්වහන්සේ දැනුවත් කළා.

පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු, පූජා භූමි වලට අදාල ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කෙරුණා.

උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධනයට අදාලව ද්‍රවිඩ මන්ත්‍රිවරුන් සමග කල සාකච්ජා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහානාහිමිපාණන් වහන්සේ දැනුවත් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *