ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදා ගත්තා.
නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදා ගැනීමට පැමිණියේ සිය පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සමගයි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් මෙහෙයවූවා.