ශ්රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 දිනට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත කැඳවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ සදහා ශ්රී ලන්කන් ගුවන් සේවය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද අනුග්රහය දක්වා තිබුණා.
මෙම වැඩසටහන සදහා වාද්දුව , දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 05 – 20 ත් අතර පසුවන සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් පැමිණ සහභාගී වී සිටියා.
මෙම භික්ෂූන් වහන්සේලා කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , රේගු පරිශ්රය , ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්රය , ගුවන් යානා අංගන මෙන්ම ශ්රී ලන්කන් ගුවන් යානයක් තුළට පිවිස එහි සියලුම ක්රියාකාරිත්වයන් ද සවිස්තරාත්මකව දැන ගැනීමට අවස්ථාව උදා කර දී තිබුණා