Fri. Jun 27th, 2025

ඔස්ට්‍රේලියාවේදී ගෞරවයට පාත්‍ර වූ රූකාන්ත ගුණතිලක කලා පවුල

Aug30,2024

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රව තිබුණා.

ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

එම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන පිරිසගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව මෙරට සංගීත පුරාවෘත්තයන් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීත ශිල්පි රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබුණා.

එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මාන ලබා තිබුණා.

මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහ හට ද ආරාධනා කර තිබුණු නමුදු ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *