ඉදිරි කාලය සඳහා අතිරේක ඉන්ධන තොග පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම නිෂ්පාදනවල තොග පවත්වාගෙන යන බවයි.
ඒ අනුව දිවයින පුරා අඛන්ඩ ඉන්ධන සැපයුමක් සිදුකෙරෙන බව ද ඒ මහතා පවසනවා.
ඉදිරි මාස 6 සදහා ඉන්ධන ප්‍රවාහන සැලැස්ම තොග ලබා ගැනීමේ හැකියාව / ගබඩා ධාරිතාව / බෙදා හැරීම හා පිරිපහදු මෙහෙයුම් ආදි කටයුතු පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මේ අතර මේ මාසයේ දී ඉන්ධන මිල සංශෝධනයක් නොවන බව ඉන්ධන සමාගම් ඊයේ නිවේදනය කළා.