Mon. Apr 28th, 2025

පියුමි CIDයට ගෝඨා පැද්ද රේන්ජ් රෝවරයෙන්ම ඇවිත් රිදෙන්න දෙයි

Jul1,2024
piumi hansamali cid

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට පැමිණ තිබුණා.

නීති විරෝධී මත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිදු කරන පරීක්‍ෂණවලට අදාල ප‍්‍රකාශයක් ලබා දීමට ඇය කැදවා තිබෙනවා.

ඇය එම ස්ථානයට ඇය පැමිණියේ රුපියල් කෝටි අටකට ආසන්න මුදලකට මිලදී ගත් බව කියන රේන්ජ් රෝවර් රථයෙන් වීම විශේෂත්වයක්.

තමන් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බැවින් බිය විය යුතු නැති බවද ඇය එහි එහිදී මාධ්‍ය වෙත කියා සිටියා.

“මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.

වැරදි කරලා නෑනේ බය නැතුව ආවා. වැරදි කරපු අයනේ බය වෙන්න ඕනේ. මම දෙයක් ඉගෙන ගෙන අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බැංකුව හරහා. මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා.”

මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වීඩියෝව පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *