Wed. Apr 30th, 2025

ජනපතිගේ රුව සහිත නෝට්ටු ගැන අනාවරණයක්

Oct29,2024 #cbsl #currency #lkr #sl economy

රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වර්තා ප්‍රතික්ෂේප කරන බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත් හේරත් සඳහන් කළා.

රජය නව මුදල් මුද්‍රණය කිරීමක් සිදුව ඇත්නම් මුදල් ඇමතිවරයා ලෙස නව ජනාධිපතිවරයාගේ රුව එම නව මුදල් නෝට්ටුවල මුද්‍රණය කර තිබිය යුතු බවත් එහෙත් එවැනි නෝට්ටු දැකගත නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයාගේ රුව සහිත මුදල් නෝට්ටුවක් දැකගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කළා.

රජය නව මුදල් මුද්‍රණය කර තිබේ නම් මහ බැංකුවේ සංචිත ඉහළ යෑමක් සිදුවිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *