Sat. Jun 28th, 2025

බදු නොගෙවූ අය අද සිට පරෙස්සමින්

Oct7,2024 #income tax #sl economy #tax

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ අද (07) දිනයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබෙනවා.

එය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් සියයට 70 ඉක්මවූ අගයක්.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අය කරගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණිකව අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කරනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *