Fri. Jun 27th, 2025

තෙල් සංස්ථාව ලාභ ලැබුවට සහන දෙන්න බෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලාභ ඉපැයීමට පටන් ගෙන තිබුණ ද රට තුළ ක්‍රියාත්මක වන අනෙකුත් විදේශීය ඛනිජ තෙල් සමාගම් හේතුවෙන් සංස්ථාවට ස්වාධීනව ක්‍රියාත්මක වීම ජනතාවට සහන ලබා දිය නොහැකි වී ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් තෙල් සංස්ථාවට එහි කටයුතු කරගෙන යෑමට නොහැකි බවට මතයක් රට තුළ නිර්මාණය වූ බව සහ ඒ හේතුවෙන් වෙනම විදේශීය ඛනිජ තෙල් සමාගම් රට තුළට ගෙන ඒමට කටයුතු කෙරුණු බවයි.

දේශපාලන මැදිහත් වීමක් නොතිබුණේ නම් තෙල් සංස්ථාවට සිය මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යෑමට හැකියාව තිබූ බව සංස්ථාව දැන් නැවතත් ලාභ ලැබීමට පටන් ගෙන තිබීමෙන් සනාථ වන බව ඔහුගේ අදහසයි.

“Lanka IOC, Sinopec Lanka Energy (Pvt) Ltd, RM Parks (Pvt) Ltd සහ Australia’s United Petroleum යන ආයතන මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන්. මෙම සමාගම් සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම්වලට අනුව දැනට ක්‍රියාත්මක වන්නේ 2022 වසරේ ස්ථාපනය කළ මිල සූත්‍රයයි. මෙම සමාගම් ඉන්ධන මිල තීරණය කරන්නේ එම සූත්‍රය මතයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

“ඛනිජ තෙල් ලාභය ජනතාවට ලබා දීමෙන් පසු මිල සූත්‍රය හරහා තම ලාභ ආන්තිකය ළඟා කර ගැනීමට නොහැකි වූ බව එම සමාගම් ප්‍රකාශ කිරීම නිසා එම ලාභය විදේශීය ඛනිජ තෙල් සමාගම් වෙත ලබාදෙන්න රජයට සිදු වුණා. පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරු ඒ සමාගම්වලට සැළකුවේ එහෙමයි. විදේශීය ඛණිජ තෙල් සමාගම් මෙරට තරඟකරුවන්ද නැතිනම් ආයෝජකයන්ද කියන්නත් සැකයි. මේ නිසා පිරිපහදු මෙහෙයුම්වලින් සිදුවන පාඩු හෝ ලාභ ගණනය කිරීමට තෙල් සංස්ථාවට නොහැකි වෙලා.” යනුවෙන් ඔහු පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *