බංග්ලාදේශය විසින් ආදානි සමාගම හරහා විදුලිය ලබාගැනීමේදී ගෙවිමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 850ක සම්පූර්ණ මුදල ගෙවීමට අදානි සමාගම විසින් දිනයක් නියම කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 7 වැනිදාට පෙර අදාළ සම්පූර්ණ හිඟ මුදල ගෙවා දමන ලෙසයි එම සමාගම බංග්ලාදේශ රජයට දැනුම් දී ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 850ක මුදල නොගෙවන්නේ නම් සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය වෙත විදුලි සැපයුම අත්හිටුවන බව අදානි සමාගම සදහන් කර ඇති බවයි.