මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109ක් .
ඡනාධිපතිවරණය අවසන්වී ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ලද දිනයේ සිට දින 21ක් ඇතුළත අපේක්ෂකයන් විසින් විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශනයක්ද මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. මෙම ගිණුම් ප්‍රකාශනය ලබා නොදෙන අපේක්ෂකයන්ට විරුද්ධවත් අදාළ විගණනයට සත්‍ය වියදම් ඉදිරිපත් කර නොමැති අපේක්ෂකයන්ට විරුද්ධවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ බලය ද කොමිසම සතු වෙනවා.