මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන ප්‍රධාන ගෝලයන් තුන්දෙනෙකු ආයුධ සමඟ අත්අඩංගුවට ගැනුනා.
රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ද ඔවුන් ළඟ තිබී සොයා ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලාකයට ලැබුණ තොරතුරකට අනුව කැස්බෑව කැබැල්ලවත්ත ප්‍රදේශයේ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වීරවිල පාදුක්ක සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මිලිමීටර 9 වර්, ගවෙය් පිස්තෝලයක්, මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ සැකකරුවන් ළග තිබි සොයා ගැනුණා.