බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බව ද මහබැංකු අධිපතිවරයා ජනමාධ්‍ය වෙත සඳහන් කළා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව පවසා තිබුණා.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහබැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහබැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බව ද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.