ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද(14) ආරම්භ වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වැනිදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බවයි.
ඇල්පිටිය මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා බෙදාහැරීමට නියමිතයි.
එසේම ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී තිබෙන බවයි පැවසෙන්නේ.