Sat. Jun 28th, 2025

මාතර පාසලක පන්ති 10ක් වැසේ

Oct24,2024 #disaster #education #matara #school

මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒෙ නාය යාමේ අවදානමක් හේතුවෙන්.

ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණිය දක්වා සියලුම පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන්ට අද මෙලෙස පාසල් නිවාඩු ලබාදී ඇති අතර එම පන්ති පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස පන්ති 10කට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *