Sat. Jun 28th, 2025

ශ්‍රිලනිපෙත් එපා – සජබෙත් එපා කියා මාලිමාවට මුට්ටිය දමා බලන සෙට් එක මෙන්න

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට සහාය වීමට අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂයේ කැස්බෑව සංවිධායක නීතීඥ කීර්ති උඩවත්ත කියා සිටියේ මීට පෙර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ කණ්ඩායම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.

“අපිට දැන් තේරෙනවා කලින් ගත්ත තීරණය වැරදියි කියලා. පළාත් පාලන මට්ටමින් අපට නායකත්වය තිබෙන නිසාත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට උදවු කිරීමට හැකි නිසාත් අපි දැන් ජාතික ජන බලවේගයට උදව් කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 40කට ආසන්න පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එම පිරිස ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගයට සහය දීම සම්බන්ධයෙන් තමන් කළ වරද විවෘතව පිළිගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *