මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්තව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩදුරටත් වාර්තා වන්නේ.
කොළඹ සුපිරි පෙළේ නිවාසයක පදිංචි පියුම් හංසමාලි නමැති නිරූපිකාව රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමෙන් යුත් ජීප් රථයක් පාවිච්චි කිරීම, කොළඹ 7 සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, ප්‍රධාන පෙළේ බැංකු 8ක ගිණුම් 19ක් පවත්වාගෙන යෑම, පෞද්ගලික සමාගමක් විවෘත කිරීම ඇතුළු සැකසහිත මුදල් සහ දේපළ ඉපයීම් සම්බන්ධයෙන් පසුගියදා විමර්ශන ආරම්භ කර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතා විජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනයකට අනුවයි.