Fri. Jun 27th, 2025

ජනාධිපතිවරණයට මාලිමාවෙන් අගමැතිවරණ අභියෝගයක්

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර අපේක්‍ෂිකාව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙනවා.

එය බොහෝ දුරට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව සිදු කරනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේග ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ටද ඔවුන්ගේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කරන ලෙස අභියෝග කිරීමටද සූදානමක සිටිනවා. ඔවුනගේ තක්සේරුව වන්නේ පවතින තත්ත්වය තුළ රනිල්ට හෝ සජිත්ට ඔවුගේ දේශපාලන සංයුතිය තුළ අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කර ගැනීමට නොහැකි වීමේ වාසිය ලබා ගැනීමටයි ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *