පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද උදෑසන (30) ආරම්භ වුණා.
මැතිවරණ කොමිසම සභාව පවසන්නේ ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමසම් සභාව පවසනවා.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්දදායකින් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තොරතුරු තහවුරු කිරීමේ ලිපිය යන ආදියෙන් එකක්වත් රැගෙන යායුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් පවසා සිටියා.