ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ මහමොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ත්‍රස්ත බුද්ධි අංශ සඳහන් කරනවා.
‘දේශය’ වාර්තා කරන ආකාරයට අත්අඩංගුවට ගත් දෙමළ පුද්ගලයාටත්, මාලදිවයින් ජාතිකයාටත් තවත් අයකු ඇමතුමක් ලබා දී සඳහන් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව යම් සහායක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබාගත හැකි බවයි.
මෙම සැකකරුවන් එම ජාවාරම්කරු සමඟ සාකච්ඡා ඔහුව කළත් හමුවූවාදැයි තවමත් තහවුරු වී නැති බවත්අ දාළ ජාවාරම්කරු ද ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
හෙළිවී ඇති තොරතුරුවලට අනුව ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම ගැවසෙන ස්ථානයට ගොස් පිහියෙන් ඇනීම වැනි තුවාල සිදුකිරීම සැලසුම වී තිබූ අතර මෙම සැලසුම පසුපස සිටින සියලුදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව පොලිස් සහ බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
කෙසේවෙතත් මේ වන විට මෙරට සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයන් පසුපසින් ඔවුන්ට නොදැනෙන්නට බුද්ධි අංශ ආරක්ෂාව යෙදීමට තීරණය කර තිබෙනවා.
එම ආරක්ෂක මෙහෙයුම දැනට සති දෙකක සිට ක්‍රියාත්මක වන අතර දැනට වාර්තා වන ආකාරයට මෙම වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් ගණන 2055 ක්.
එසේම ඇමෙරිකානු ජාතිකයන් 43678 දෙනෙකි. බ්‍රිතාන්‍යයන් 134464 ක්ද වෙයි.
මෙම සමය ආරුගම්බේ මුහුදු තීරයේ ජල මත ලිස්සා යෑමේ (සර්ෆින්) ක්‍රීඩාවට සුදුසුම කාලය බැවින් විශාල වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් එහි සංචාරය කරන බව වාර්තා වෙනවා.
ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද හීබෘ ආගමික ස්ථානවල ආගමික උත්සවවලට ද සහභාගි වී පෙළපාළි යන බවත් එබැවින් එලෙස ගමන් කිරීම නතර කරන ලෙසත් ආරක්ෂක අංශ දන්වා තිබුණා.
මීට අමතරව මාතර, වැලිගම, ගාල්ල, හික්කඩුව, මීගමුව, ඇල්ල ආදී ප්‍රදේශවල ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා.