Sat. Jun 28th, 2025

සමඟි ජන සන්ධානයෙන් පාඨලී පිටවෙයි

එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සිය පක්ෂය සමගි ජන බලවේගය සම​ඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු කර නැති බවත් ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පාඨලී චම්පික ප්‍රමු​ඛ එක්සත් ජනරජ පෙරමු​ණ සඳහන් කරනවා.

මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන බලවේග​ය සමඟ කටයුතු නොකරන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්. 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *