Thu. May 1st, 2025

නව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ දිනිත් චින්තක කරුණාරත්න එම තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් එකී තනතුරේ පුරප්පාඩුව සඳහා අයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එබැවින් දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *