ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන ලකුණු පෙන්නුම් කරනවා.
ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තුවට පිවිසීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
මෙම කතාබහ තහවුරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කරන ලද්දේ නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී සමස්ත රටම ආවරණය කරමින් ප්රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ඉදිරි මහමැතිවරණයට තරග නොකරන බව ප්රකාශ කළා.