Wed. Apr 30th, 2025

හේතු නොදැන නාමල් CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.

එහිදී ජනමාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – “ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ?”

පිළිතුර – “දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.”

ප්‍රශ්නය – “කාරණාව දන්නේ නැද්ද?”

පිළිතුර – “කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *