රිළවුන් නිසා පොල් ඇතුළු වගාවන්ට සිදුවන අතිමහත් විනාශය වළකා ගැනීමට පියවර ගැනීමට සඳහා දිවයින පුරා මෙම සතුන් ගණනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ පෙබරවාරි 15 හෝ 22 යන දිනවල සංගණනය පැවැත්වෙන බවයි.
2024 වසරේදී රිළවුන් නිසා මිලියන ගණනක් පොල් විනාශ වූ බව වාර්තා වුණා. නව රජය පත් වූ විගස මෙම ගැටලුවට පිළියම් සෙවීමට ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වුණා.