Sat. Jun 28th, 2025

බාර් ලයිසන් ගැන කතා ගොඩක් එළියට

ජනාධිපතිවරණ සමයේදී නිකුත් කළ මත්පැන් හල් බලපත්‍ර (බාර් ලයිසන්) 50ක් අත්හිටුවා ඇති අතර ඒවා නැවත නිකුත් කිරීමට හෝ අවලංගු කිරීමට පෙර සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මැතිවරණයට පෙර දේශපාලන සබඳතා මත විවිධ පුද්ගලයන්ට එවැනි බලපත්‍ර 50ක් පමණ නිකුත් කර ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

එම බලපත්‍රලාභීන් කිහිප දෙනෙකු ඒවා අවලංගු නොකරන ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් තීරණයක් ගැනීමට පෙර රජය ඒවා පරීක්ෂා කරන බව ද වාර්තා උනා.

අදාළ බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

තැබෑරුම් විවෘත කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධතා ඇත්නම් අයදුම්පතක් සළකා බැලීමේදී ඒවා සැළකිල්ලට ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

නව මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ අදහස් මෙන්ම ආගමික සිද්ධස්ථාන සහ පාසල්වල අදහස් ද සැළකිල්ලට ගනු ඇති.

සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට එම කලාප සඳහා මෙය අත්‍යවශ්‍ය වන බැවින් ඒවාට ප්‍රමුඛත්වය දීමටත් දැනට තිබෙන තැබෑරුම් ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අධ්‍යයනයක් කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *