දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට ගත් තීරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව සඳහන් කළා.
කෙසේවෙතත් එය තාවකාලික තීරණයක් පමණක් බවත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළා.
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවට ඔහු වැඩි දුරටත් විශ්වාසය පළ කරන බව ද පෙන්වා දුන්නා.