කොවිඩ් 19 වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආරක්ෂිත ඇස් කණ්ණාඩි වෙනුවට පිහිනුම් කණ්ණාඩි ලබාදීමෙන් රුපියල් මිලියන ගණනක මහජන මුදල් අවභාවිතා කර සිදු වූ ප්‍රසම්පාදන වරදක් ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.
Sunday Morning වාර්තා කර ඇති ආකාරයට 2020 දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 14.27ක හදිසි ප්‍රසම්පාදනයක් සිදු කර රුපියල් 1,400 බැගින් ආරක්ෂිත ඇස් කණ්ණාඩි 10,000ක් සහ රුපියල් 1,350 බැගින් අතිරේක ආරක්ෂිත ඇස් කණ්ණාඩි 200ක් මිලදී ගෙන තිබෙනවා.
කෙසේවෙතත් එක් සැපයුම්කරුවකුගෙන් සෘජු මිලදී ගැනීමක් හරහා සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට තීරණාත්මක තාක්ෂණික ඇගයීමක් තිබී නොමැති බවයි සඳහන් වන්නේ.
තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් මගහැර නිසි පරීක්ෂාවකින් තොරව ගත් තීරණය බරපතළ ලෙස රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ.
උපරිම 20% අත්තිකාරම් ගෙවීමට ඉඩ සලසන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව සැපයුම්කරුට රුපියල් මිලියන 7ක්, එනම් මුළු කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් 50%ක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති බව ද අනාවරණය වුණා.
මුල් මිලදී ගැනීමේ ඇණවුම, මිල ගණන් සහ ලැබුණු භාණ්ඩ ලැයිස්තුව අනුව සැපයුම්කරු ආරක්ෂිත ඇස් කණ්ණාඩි වෙනුවට පිහිනුම් ඇස් කණ්ණාඩි 10,200ක් ලබා දී ඇති බවත් දීර්ඝ කාලයකට පසු සිදු කළ භෞතික පරීක්ෂණයකින් මෙම දැවැන්ත දෝෂය අනාවරණ වන තෙක් ප්‍රසම්පාදන අධීක්ෂණයේදී ඒ පිළිබඳව අවධානය යොමු වී නැති බවත් විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා.