2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී ජනපති අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණේ පසුවන අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල පහතින්,
අනුර කුමාර දිසානායක – 5,634,915 (42.31%)
සජිත් ප්‍රේමදාස – 4,363,035 (32.76%)
රනිල් වික්‍රමසිංහ – 2,299,767 (17.27%)
පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළා.
මේ වන විට දෙවන මනාපය ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.