Sat. Jun 28th, 2025

ප්‍රවාහන අමාත්‍යංශයේ වාහන ආගිය අතක් නෑ

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජීප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ ලොරි රථයක් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වන බව අද පුවත්පත වාර්තා කරනවා.

වර්තමානයේ මෙම වාහන භාවිත කරනු ලබන පාර්ශ්ව පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වී නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන්.

අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය විසින් මේ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබූ අතර මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යාංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් වනවා.

මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුළත් වත්කම්වල වටිනාකම ඌන ගණනය වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වන විට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුව ද මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදීමට හෝ නැවත ලබා ගැනීමට කටයුතු කර නොතිබු බව සඳහන්.

එහි රුපියල් මිලියන 33.7ක් වූ වාහන 08ක් සහ තව දුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වනවා.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *