ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙන්.
ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන අයට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.