පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
මේ අතර වැඩ බලන පොලිස්පතිවරයකු ද පත් කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.
වැඩ බලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය නම් යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.
ඉකුත් රජයේ දේශපාලන අවශ්‍යතාවන් මත පත් කර සිටි උසස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරි දිනවලදී එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා දක්ෂ පළපුරුදු නිලධාරීන් පත් කිරීමට නියමිතව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියා.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ උපදෙස් මත මෙම මාරුවීම් සිදු කිරීමට නියමිතයි.