දියතලාව “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ තරගාවලියේ සිදුවූ අතරතුර සම්බන්ධයෙන් තරග කරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්තඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිදුවූ අනතුරින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයන් අතර කුඩා දියනියක් ,තරග නිරීක්ෂකයන් 04 දෙනෙකු සිටියි.
තුවාල ලැබූවන් මේවන විට දියතලාව දිස්ත්‍රික් රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඉන් 03 දෙනෙකුගේ තත්වය බරපතළ බව පොලිසිය පවසයි.