හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ අද (03) එක් වී තිබෙනවා.
ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත් කර තිබෙනවා.
මේ අනුව රාජකා වික්‍රමසිංහ එම පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කරනු ලැබුවා.