Sat. Jun 28th, 2025

අර්ජුන් ඇලෝෂියස්ට සිර දඬුවම්

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) මෙම නියෝගය නිකුත් කළා.

ඒ, වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවක් සලකා බලමින්.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *