Sat. Jun 21st, 2025

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කර තිබෙනවා.

2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොණු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ උන්වහන්සේ පෙනී නොසිටිම හේතුවෙන්.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි බවට වාර්තා වනවා.

නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තබා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *