2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ කිසිඳු අපේක්ෂකයෙක් 50% සීමාව පසු කිරීමට අසමත් වීම නිසා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක අද (22) කැඳවූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවා.
ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භ වුණා.