Sat. Jun 28th, 2025

මහ ඡන්දෙන් පස්සෙ තවත් ඡන්දයක්

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි.

ඒ අනුව,  පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *