Fri. Jun 27th, 2025

වව්නියාවේ භූ කම්පනයක් – මහා විශාල ශබ්දයක් ආවා

Jun19,2024

වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ,

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසන්නේ.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවයි.

වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කර තිබුණා.

“ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එකපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි 3ක් වගේ තිබුණා.”

“පොළොව යටින් මොකක්ද යනවා වගේ දැනුනේ. මහා විශාල ශබ්දයක් ආවා. නිදාගෙන හිටිය කාමරේ ජනේල් දෙදරුවා. ලොකු දෙදරීමක්…”

“අපි නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ. එකපාරම අකුණු සැරක් වෙගේ සද්දයක් එක්ක ජනෙල් හෙල්ලුණා. පොළොවත් ගොඩක් හෙල්ලුණා. අපි හිතුවා ගල්කොරියක වගේ බ්ලාස්ට් එකක් කියලා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *