Wed. Apr 30th, 2025

අමෙරිකන් තානාපති හදිසියේ අනුර හමුවෙයි

ජනපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්ය අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලේ පවත්වා තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළා.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත් දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *