ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබිම නිසා මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.